Cricket
  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් පිටියේ හොඳම හඹා යෑම වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි..!!

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් පිටියේ හොඳම හඹා යෑම වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වෙනි එක් දින ක්‍රිකට් තරගය කඩුලු හයකින් ජයගනිමින්. මේ අතර ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 300ට වැඩි සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් පළමු තරඟයද මෙයයි. දකුණු අපි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 5 දැවී ක්කුණු 301 ක් රැස්කළා. නායිකා ලවුරා වොල්වර්ට් නොදැවී ලකුණු 184යි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ජයගත්තේ පන්දු වාර 44 යි පන්දු 3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් රැස් කරමින්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු තම එක්දින ක්‍රිකට් දිවියේ 9 වන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 195 ක් රැස් කලා. පන්දු 139 කදී ගොඩනැගුණු චමරිගේ ඉනිමට 4 පහර 26 ක් සහ 6 පහර 5 ක් ඇතුළත්. නිලක්ශිකා සිල්වා ලකුණු 50 යි. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය තරග එකට එකක් ලෙස සම කිරීමට සමත් වුණා

April 18, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

සුපිරි හඹායාමකින් පසු කොල්කටා කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 02 ක සුපිරි ජයක්..!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 223 ක් රැස් කලා. සුනිල් නරීන් ලකුණු 109 යි. පන්දු යැවීමේදී ආවේශ් ඛාන් සහ කුල්දීප් සෙන් කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිලිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 224 ක් රැස් කරමින්. ජොශ් බට්ලර් නොදැවී ලකුණු 107 යි.

April 17, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

චමෝදි මුණසිංහගේ සුපිරි පන්දුයැවීමත් සමඟ 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 108ක ජයක්..!!

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවති තරගය ලකුණු 108කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එහිදී 14 හැවිරිදි චමෝදි මුණසිංහ ප්‍රතිවාදී කඩුලු 05ක් දවාගැනීම විශේෂත්වයක්. තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 48යි පන්දු 4කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 226ක් රැස් කළා. රශ්මිකා සෙව්වන්දි ලකුණු 59යි. සංජනා කාවින්දි ලකුණු 27ක් රැස් කළා. පන්දු යැවීමේදී අමූ සුරේන්කුමා සහ සොෆියා ස්මෙල් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 3කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණයි. ජෝදි ග්‍රේව් කොක් ලකුණු 26යි. චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු 05ක් දවා ගත්තා. චමෝදි මුණසිංහ මොණරාගල, කුඹුක්කන ගම්මානයෙන් 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වූ ක්‍රීඩිකාවක්. මෙතෙක් ඉතිහාසයේ එම ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. දෙව්මි විහංගා කඩුලු 04යි. ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ, ලකුණු 108කින්.

April 9, 2024 - Sudarsha Warnakulasooriya

Other News Tab
  • Other
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත්වෙයි..!!

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත් වුණා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අවශ්‍ය පරිසාදන මට්ටම සපුරාලීමට විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා තරගාවලි සදහා සහභාගි වුණා. මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාදන මට්ටම පසුකර සෘජු ලෙස ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අවස්තාව හිමිවනවා. ඒ අනුව විරේන් ඊට සුදුසුකම් ලැබුවේ 32 න්නා ලෙසින්. විරේන් නෙත්තසිංහ තවමත් 20 හැවිරිදි ක්‍රීඩකයෙක්. ඔහු ඉතිහාසයට එක් වන්නේ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසයි. 2012 වසරේ නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාදන මට්ටම පසුකර සෘජුවම ඔලිම්පික් වරම්දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි.

April 18, 2024 - Sudarsha Warnakulasooriya

  • Other
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

‘Asian Paints Causeway – Fox Hill Supercross 2024’ අප්‍රේල් 21 දියතලාවේදී..!!

‘ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය’ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව සංවිධානය කරනු ලැබූ ‘Asian Paints Causeway - Fox Hill Supercross 2024’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව 2024 මාර්තු මස 28 දින කොළඹ හිල්ටන් හෝටලයේ බ්ලූ හෝල් පරිශ්‍රයේදී පැවැත්විණි. 2024 අප්‍රේල් මස 21 දින පැවැත්වීමට නියමිත 28 වන ‘Fox Hill Supercross’ තරඟාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය අනුග්‍රාහකයින්, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. උත්සව සමයේ නිවාඩු ගතකරන පිරිසට උද්යෝගයක් ලබාදීමේ අරමුණින් වසර පහකට පසුව ‘Fox Hill Supercross 2024’ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අතර මෝටර් රථ ධාවකයින් සහ යතුරු පැදි ධාවකයින්ට ඉසව් 25 කදී සිය දක්‍ෂතා විදහා දැක්වීමට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත. දියතලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම තරඟාවලිය පවත්වනු ලබයි. සංවිධායක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මෙම මාධ්‍ය හමුවෙහි මුලසුන හෙබවූ අතර ‘Asian Paints Causeway Fox Hill Supercross’ හා සම්බන්ධ සියලුම දෙනා වෙත ඔවුන් දක්වන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද මෙහිදී පුදකළේය. අභියෝගාත්මක ආර්ථිකමය පරිසරය මධ්‍යයේ ප්‍රධාන අනුග්‍රාහක සහ අනෙකුත් අනුග්‍රාහකයන්ගේ නොමසුරු සහයෝගය ඇතුළු නන් අයුරින් දායකත්වය දැක්වූවන් ද සිහිපත් කෙරිණි. වැඩසටහන සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කිරීමේදී ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ගේ උත්සාහයන් සහ එහි ප්‍රචාරණ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ සභාපතිතුමන්, Causeway Paints Lanka පුද්ගලික සමාගම, සීමාසහිත Ceylon Agro Industries සමාගම, McLarens Lubricants සමාගම, Finnland Holding, Browns Group Exide, Rhino Roofing Products සමාගම, Douglas & Sons පුද්ගලික සමාගම, කොළඹ හිල්ටන් හෝටලය සහ තවත් අනුග්‍රාහක ආයතනයන්වල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

April 1, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සමකිරීමට කමිදු මෙන්ඩිස් සමත්වෙයි..!!

තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී. තරගය පැවැත්වෙන්නේ, බංග්ලාදේශයේ චැටර්ග්‍රෑම් හිදී. අද තරගය ආරම්භකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 314ක් ලබා සිටියා. දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වැනි අර්ධ ශතකය සමග ලකුණු 59ක් රැස් කළා. ධනංජය ද සිල්වා අද වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි අර්ධ ශතකයයි. ඔහු ලකුණු 70ක් ලබාගත්තා. කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය අද වාර්තා කළා. අඛණ්ඩව තුන්වන ශකතය ලබාගැනීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වූ කමිදු, නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92ක්. ඒ අනුව, මෙතෙක් ලොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිය මුල් ටෙස්ට් ඉනිම 4 අවසානයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු සමත්වුණේ, ලකුණු 419ක් රැස් කරමින්. මීට පෙර එම වාර්තාව පාකිස්ථානයේ ජාවඩ් මියන්ඩාඩ් විසින් පිහිටුවා තිබුණා. මේ අතර, පිහිකරු ලයිස්තුවේ අංක 7 හෝ ඉන් පහළ ක්‍රීඩකයෙකු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව ද කමිදු මෙන්ඩිස් අද තමන් සතු කරගත්තා. ඔහු මේවන විට ඉනිම තුනේදී ලකුණු 358ක් රැස් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස් කළා. ශ්‍රී ලංකාව මෙහිදී වසර 48ක ලෝක වාර්තාවක් බිඳ හෙලුවේ තරගයකදී කිසිඳු පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකර ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායම ලෙසයි. අනතුරුව තම පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය අද දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා සිටියා.

March 31, 2024 - Sudarsha Warnakulasooriya

Football News
  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට..!!

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ‍තුරඟ තරග පිටියේදී අවසන් වූයේ ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්. තරගයේ පළමු අර්ධයේදී දෙපිළේ කිසිවකුටත් ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්ක කර තත්පර 23ක් ගත වන විට ක්‍රියාත්මක වූ 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාවට පළමු ගෝලය වාර්තා කළා. අනතුරුව 55 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිව ජේම්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා දුන්නා. තරගයේ අවසාන මිනිත්තුව දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා භූතානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව භූතානයට 184 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 204 වන ස්ථානයත් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වාර්තා කළ ජයග්‍රහණය වසර 3 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණයයි. මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව තරගයක් ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

March 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අයිවරි කෝස්ට් කණ්ඩායමට..!!

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී, නයිජීරියාව පරාජය කරමින්. තරගාවලිය පැවැත්වුණේ, අයිවරි කෝස්ට් හිදී. අවසන් තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, නයිජීරියාවයි. ඒ අනුව, පළමු අර්ධය නිමා වන විට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නයිජීරියාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී අයිවරි ‍කෝස්ට් කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා. ඒ, 62 වැනි සහ 81 වැනි මිනිත්තුවලදී. නමුත්, නයිජීරියාව දෙවැනි අර්ධයේදී ගෝලයක් වාර්තා කළේ නැහැ. ඒ අනුව, ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත් අයිවරි කෝස්ට් කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා. ඔවුන් මෙම ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙයයි.

February 12, 2024 - Sudarsha Warnakulasooriya